විද්‍යුත් විදේශ ගමන්බල පත්‍රයක් හඳුන්වා දීමට යයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා විද්‍යුත් විදේශ ගමන්බල පත්‍රයක් (e-passport) හඳුනවා දීමට සූදානම් වේ.

නව විද්‍යුත් ගමන්බලපත්‍රයේ අයිතිකරුගේ ජීව දත්ත ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් චිපයක් (Chip) ද ඇතුළත් කරනු ඇත.

ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමේ නිකුත් කිරීමේ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වක් යටතේ ක්‍රියාත්මක කළ යුතු බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනන්දු යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් ඊයේ (01) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමත වූ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *