ස්ත්‍රීන් දූෂණය කර විවාහ වීමේ ජොර්දාන නීතිය අහෝසි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජොර්දානයේ දූෂකයින් වින්දිතයා හා විවාහ වීමේ නීතිය ඊයේ (01) අවලංගු කෙරිණි.

මෙම නීතිය හේතුවෙන් දූෂකයින්ට දූෂණය සඳහා වන දැඩි දඬුවම් මගහැර යාමට හැකි වූ අතර එම තත්ත්වය වැඩි කලක් පැවතුණේ නැත. ඒ කාන්තා අයිතීන් සඳහා වන ක්‍රියාකාරීන් මෙම තත්ත්වය වෙනස් කිරීමට අරගල කිරීම හේතුවෙනි.

මෙම නීතිය අහෝසි කිරීම ඔවුන් ඉදිරියට පියවරක් තැබූ අවස්ථාවක් වන බව ජොර්දාන මාධ්‍ය වාර්තා කර තිබුණි.

“මෙය කාන්තා සංවිධානවල වගේම ජොර්දානයේ මානව හිමිකම් සම්බන්ධයෙනුත් ලද ජයග්‍රහණයක්! එක වරක් මෙය සෙනට් සභාව වගේම රාජකීය ආණ්ඩුවත් අනුමත කළා.” ජොර්දානයේ කාන්තා කොමිසමේ සලමා මින්ස් පවසන්නීය.

මේ හා සමාන නීති අහෝසි කළ රටවල් වන ටියුනීසියාව, මොරොක්කෝව මෙන්ම ඊජිප්තුවටත් ජොර්දානයේ මෙම අරගලය ඉදිරියේදී බලපෑම් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *