කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග මේ වන විට ආරම්භ වී ඇති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය නායක විරාට් කෝලි තීරණය කළේය.

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නවක වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර ඇතුලත්ව සිටි. ඔහු ටෙස්ට් වරම් දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විශාල වගකීමක් පැවරේ.

උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා, රංගන හේරත් සහ නුවන් ප්‍රදීප් සෙසු ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරකු ලැබේ.

තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දීය.

මේ වන විට තරගාවලිය 1ට 0ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 3 =