කොළඹ ප්‍රාදේශීය දේශපාලනඥවරියකගේ මස්සිනා කේරළ ගංජා සමග අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ප්‍රාදේශීය දේශපාලනඥවරියකගේ මස්සිනා කෙනෙකු කේරළ ගංජා සමග අද(03) අත්අඩංගුවට ගෙන ඇත.

නාරාහේන්පිට පොලිස්ථානයේ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නාරාහේන්පිට දාබරේ මාවතේදී ප්‍රවාහනය කිරිම සදහා සුදානම් කර තිබු කේරළ ගංජා කිලො 01යි ග්‍රෑම් 200ක් සමග පුද්ගලයකු හා ඔහු ගමන් කරමින් සිටි කාර් රථය අද අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු අද මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලදී මොහු මෙම ජාවාරම කලක පටන් සිදු කරන අයෙක් බවත් සැකකරු ප්‍රාදේශීය දේශපාලනඥවරියකගේ (ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ) සැමියාගේ සහොදරයෙක් බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ නාරාහේන්පිට පොලිස්ථානය මගින් සිදුකරනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =