ජංගම දුරකතනයේ දත්ත පිළිබඳ අර්ජුන් ඇලෝසියස්ට නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර කොමිසම භාරයේ ඇති ජංගම දුරකතනයේ දත්ත වෙනස් කිරීම හෝ විනාශ කිරීම වළක්වමින් බැඳුම්කර විමර්ශන කරන ජනාධිපති කොමිසම අද(03) අර්ජුන් ඇලෝසියස් මහතාට නියෝගයක් නිකුත් කර තිබේ.

මීට පෙර කොමිසම හමුවේ අනාවරණ වී ඇත්තේ, ඇලෝසියස් මහතා සිය බිරිඳගේ ජංගම දුරකතනය මගින් ඔහුගේ ඇපල් ගිණුමට ඇතුල්වීමට උත්සාහ කර ඇති බව ය.

මේ අතර පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන මහතාගේ ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය කොමිසමේ ලේකම්වරයාට භාර දෙන ලෙසට අද නියෝගයක් නිකුත් කෙරිණි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 18 =