පෘථිවියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – පෘථිවියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයින් පවසයි. මෙය පැරිස් කාලගුණ සමුළුවේ දී අනාවැකි පළ කළාටත් වඩා ඉහළ අගයක් බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත.

ඉදිරි සියවසක කාලය තුළ පෘථිවියේ උෂ්ණත්වය ඉතාමත් ශීඝ්‍රයෙන් වැඩිවිය හැකි බව විද්‍යාඥයින් පවසා තිබේ.

සෙල්සියස් අංශක දෙකේ සිට හතර දක්වා බොහෝ දුරට මෙම උෂ්ණත්වය ඉහළ යා හැකි බව සඳහන් වේ. මෙම තත්ත්වය වළක්වා ගැනීමට දැන් සිටම ක්‍රියාත්මක විය යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.

උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ අයිස් ලෙස පවතින ග්‍රීන්ලන්තය ආශ්‍රිත කඳු පන්ති හා උත්තර ධ්‍රැවයේ හිම දියවීම හේතුවෙන් ජන ජීවිතවලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට අනාවැකි පළවී තිබේ.

එසේම ඉදිරි වසර පනහක කාලය තුළ නියඟය, ජල හිඟය මෙන්ම උෂ්ණත්වය ඉහළ යාම වැනි කාරණා බහුලව වාර්තා විය හැකි බව ද කාලගුණ අංශ පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 3 =