මහනුවර ඇසළ පෙරහැර සඳහා මහජන බැංකුව ප්‍රමුඛ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහජන බැංකුව පුම්‍රඛ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි.

ශ්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ හා පර්යේෂණ) ටී. ජී එස්. පී කුමාරසිරි මහතා අතින් මෙම ප්‍රදානය සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහනුවර ප්‍රාදේශිය කළමනාකාර එමිල් මෙන්ඩිස්, මහනුවර ශාඛා කළමනාකාර නලින් පොත්තවෙල සහ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකාර පද්මසේන අතුකෝරල යන මහත්වරුන් ද සහභාගි විය.

පෞරාණික සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් දේශිය නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත්ව පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යයට නොකඩාව අනුග්‍රාහක දායකත්වය ලබාදීම පිළිබ`දව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා මෙහිදි මහජන බැංකුව වෙත තම ස්තුතිය පුදකළේය.

මෙම සංස්කෘතික මංගල්‍යයේ අවසාන මහා රන්දෝලි පෙරහැර මහජන බැංකුවේ බැතිබර දායකත්වයෙන් සජීවී ලෙසින් අගෝස්තු 07 වනදා රාත්‍රී 8.15 සිට ජාතික රුපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 9 =