මාලඹේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව දෙගුණ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ඊයේ (02) රාත්‍රී 7.00 වනවිට රෝගීන් 350 ක් බාහිර රෝගී අංශයෙන් නොමිලේ ප්‍රතිකාර සේවා ලබාගෙන ඇති බව රෝහලේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා සදහන් කළේය.

එය ආරම්භක දිනයේ ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් බව ඒ මහතා පෙන්වා දේ.

මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) සවස පැවැත්වුණි.

අමාත්‍යවරයා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. එහිදී රෝහල සංවර්ධනය කිරීම සදහා තීන්දු තීරණ රැසක් ද ගෙන ඇත. මානව සම්පත් ගැටලු පිළිබදව ද සාකච්ඡා වී ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, රෝහලේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, අධ්‍යක්ෂ එන්.ඊ.ඩබ් ජයසේකර යන මහත්වරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =