සෞදි අරාබියෙන් අමෙරිකාවට ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල කරමින් සෞදි අරාබියට එරෙහිව පනවා තිබෙන නඩු ඉවත්කර ගන්නා ලෙස සෞදි අරාබිය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

තම රට එම ප්‍රහාරයට සම්බන්ධ නැති බවට සෞදි අරාබිය දිගින් දිගටම පවසා සිටියි.

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයට සෞදි අරාබිය සම්බන්ධ බවට චෝදනා කරමින් අමෙරිකාව මෙසේ නඩු පවරා ඇත. එලෙස පවරා ඇති නඩු සංඛ්‍යාව 25කි.

ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයින් 19 දෙනාගෙන් 15 දෙනෙකුම සෞදි අරාබි ජාතිකයින් බව මීට පෙර පරික්‍ෂණවලදී හෙළිව ඇති බව සඳහන් වේ. මෙම ප්‍රහාරයට ආධාර අනුබල දීම සෞදි අරාබියට එරෙහිව ඇති චෝදනාව වේ.

ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් වූ සංඛ්‍යාව 2,500කට ආසන්න අතර විසිදහසකට ආසන්න පිරිසක් ඉන් තුවාල ලැබීය.

ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් මිලියන ගණනක් වන්දි ලෙස ඉල්ලමින් මෙම නඩු පවරා තිබේ. කෙසේ වෙතත් සෞදි අරාබිය කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පරික්‍ෂණ පවත්වා සාධාරණ තීන්දුවක් ලබා දීමට බලාපොරොත්තු වන බව අමෙරිකාව සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *