අග්‍රාමාත්‍යවරයා ජාතික ගැටළුව ඉතාමත් ප්‍රගතිශීලී ලෙස විසඳීමට කටයුතු කර තිබෙනවා – විපක්‍ෂ නායක

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍යවරයා ජාතික ගැටළුව ඉතාමත් ප්‍රගතිශීලී ලෙස විසඳීමට කටයුතු කර ඇතැයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හතළිස් වසරක දේශපාලන දිවියට සුභාෂිංශන පළ කිරීමේ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අඳහස් දක්වමින් විපක්ෂනායකවරයා මෙසේ සදහන් කළේය.

“මම සතුටු වෙනවා, මෙම අවස්ථාවේ සුබාෂිංශන පළ කිරීමට අවස්ථාව සැලසීමට හැකි වීම ගැන. ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යේෂ්ඨතම දේශපාලඥයෙක්.අග්‍රාමාත්‍යතුමා අඛණ්ඩව තම සේවය කර තිබෙනවා.එතුමා හතරවරක් අග්‍රාමාත්‍යවරයා ලෙස විශිෂ්ඨ හා වැදගත් ජයග්‍රහනයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. එතුමා තැම්පත් ස්ථාවරව කටයුතු කළ හැකි පුද්ගලයෙක්. පුළුල් දැනුමක් තිබෙන පුද්ගලයෙක්. රාජ්‍ය සේවය තුළ එතුමාට පුළුල් අත් දැකීම්තිබෙනවා. එතුමා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. එතුමාගේ පෞර්ශවය ඉතා වැදගත්. දෙමළ ජනතාව වෙනුවෙන් සුභාශිංශන පල කරනවා. රටේ යහපත වෙනුවෙන් තීරණාත්මකව තීරණ ගන්නට නොපසුබටවන පුද්ගයෙක්” බවද විපක්ෂනායකවරයා පැවසීය.

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *