ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නිදහස් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දිය ධීවරයින් 77 දෙනෙකු යළි එරටට බාර දී තිබේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි එම ඉන්දීය ධීවරයින් යළි එරටට භාර දීම ඊයේ (03) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

මෙම ධීවරයින් අවස්ථා කීපයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ අය වේ.

ඔවුන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී පතුල මත ඇදගෙන යාමේ (Bottom trawling) තහනම් ක්‍රමය භාවිතා කරමින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇත. එම ක්‍රමය ඉතා විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස හැදින්විය හැකිය.

එම ධීවරයින් ඊයේ සන්ධ්‍යාවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘සාරන්ග්’ නෞකාව වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 1 =