කසුන් පලිසේන බැදුම්කර කොමිසට දුරකථනය භාරදෙයි

(කොළඹ, ලංකාපුවත්) – පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන මහතා, බැදුම්කර ගනුදෙනු විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පරීක්ෂණ සදහා සිය දුරකථනය භාරදී ඇත.

ඔහුගේ ජංගම දුරකථනය ඇතුළු ඩිජිටල් උපකරණ කොමිසම හමුවට ලබාදෙන ලෙස නියෝග කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි.

එහෙත් ඔවුන්ට එවැනි බලයක් ඇත්ද යන්න ගැටලූ සහගත බව ඔහුගේ නීතිඥවරයා අද (03) කොමිසම හමුවේ කියා සිටියේය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව කසුන් පලිසේන මහතාගේ ජංගම දුරකථනය මෙලෙස කොමිසම වෙත භාරදී ඇති බව ද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *