ත්‍රස්තවාදයට ඉඩක් නැති බවට යුද හමුදාපතිගෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදයට හිස එසවීමට යළි කිසිදු ඉඩක් නැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි.

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

මල්වතු මහා විහාරය වෙත ගිය යුද හමුදාපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමට ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කටයුතු කළේය.

ඉන් අනතුරුව ඒ මහතා අස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *