මහ බැංකු පොලී අනුපාත එලෙසමයි – ආර්ථිකයත් වර්ධනය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට කටයුතුකරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනය පිළිබඳ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියේය.

එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා තවදුරටත් මෙසේ පැවසීය,

“මේ වසරේ අග භාගය වනවිට උද්දමනය තවදුරටත් ලිහිල් වනවා වගේම එය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිවනවා. පසුගිය වසරේදී ආර්ථික වර්ධනය 4.4ක්. එය මේ වසරේ අග භාගය වනවිට 4.7ක් දක්වා වර්ධනය කිරීමටයි සැළසුම්කරලා තියෙන්නේ. මෙම ආර්ථික වර්ධනය සදහා කෘෂි අංශයේ ඇතිවී තිබෙන දියුණුව වගේම කර්මාන්ත හා සේවා අංශයේ වර්ධනයත් ජීඑස්පී බදු සහනයත් ඉවහල්වී තිබෙනවා.”

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය හරහා හිමිවන ප්‍රතිලාභ පිළිබදව ද මහබැංකු අධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

“හම්බන්තොට වරාය ගිවිසුම තුළින් සෘජු විදේශ ආයෝජනවල ඉහළයාමක් සිදුවනවා. ඒ හා සම්බන්ධ අනෙකුත් ව්‍යාපෘති තුළින් ද විදේශ ආයෝජනවල ප්‍රගතියක් බලාපොරොත්තුවිය හැකියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 6 =