සහයෝගය දුන් සැමට අගමැති ස්තූති කරයි

(කොළඹ, ලංකාපුවත්) – මදිපුංචිකම් නොකරන දේශපාලන විසඳුම පාර්ලිමේන්තුව තුළින් ලබාගමු. ආර්ථික සංවර්ධන වේගය වැඩි කර ආර්ථික සංවර්ධනයක් ලබාගෙන සීග්‍රයෙන් ගමන් කරමු යැයි තම හළිස්වසරක දේශපාලන දිවිය වෙනුවෙන් සහයෝගය ලබාදුන් සැමට ස්තූති කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් සුභාශිංසන පිරිනැමීමේ පාර්ලිමේන්තු යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

පක්ෂනායකයින් සියලු දෙනාටම,සහභාගී වූ සියලු දෙනාටම ස්තූතිය ප්‍රකාශ කරනවා. පළමුවෙන් පැමිණේ ජාතික රාජ්‍ය සභාවටයි.අපිට ස්වර්ව ජන ඡන්දය ලැබුණට පස්සේ, මහජන මන්ත්‍රණ සභාවත්,ජාතික රාජ්‍ය සභාවත්, පසුව පාර්ලිමේන්තුවෙත් රැස් වුණා. කැබිනට් ඇමැතිවරයකු ලෙස මේ ස්ථානයට එන්න හැකි වුණා. මේ දූපත මැද ගොඩනැගිල්ල ඉදිකළා. මේ පාර්ලිමේන්තුව ආසියාවේ තිබෙන අලංකාරවත් පාර්ලිමේන්තුවයි.

මා දේශපාලනයට යොමු කළේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමාලටත් අවස්ථාව ලබාදුන්නා. ආර්.ප්‍රේමදාස ජනාධිපතිතුමා සමඟ වැඩකරන්න අවස්ථාව ලැබුණා. අවුරුදු විස්සක් විතර පාර්ලිමේන්තුව ගැන ඉගෙන ගත්තා. ආපසු විපක්ෂයට යන්න පුරුදු වුණා. විපක්ෂයට යනව කියන්නේ වළගම්බා රජු කැලයට ගියා වගේ දෙයක්. තම අත්දැකීම්වලින් ඉගෙන ගන්න. ලෝක ඉතිහාසයේ සදාකාලීන සමාජයක් නෑ. ලෝකයේ ලංකාවේ විශාල විපර්යාස සිදු වුණා. මාර්ක්ස්වාදය තිබූ රටවලින් සියල්ල අවසන් වෙලා. 1977 යුරෝපය කේන්ද්‍ර වූ දේශපාලනයක් තිබුණේ.අද ආසියාව සීඝ්‍රයෙන් නැගී එනවා. අපිට වෙළඳ ආර්ථිකයක් ලැබුණා. මහවැලිය වැනි ව්‍යාපාරය ගොඩ නැගුණා. ත්‍රස්තවාදය තිබුණා. යුද්ධය තිබුණා. පළාත් සභා ඇති වුණා. දකුණේ භිෂණයක් තිබුණා. ජනාධිපති ඝාතනයක් ඇති වුණා. චන්ද්‍රිකා මැතිණිය සාමය සඳහා ව්‍යාපාරයක් ගෙන ගියා. මම අගමැති ලෙස සාමය පිළිබඳව කටයුතු කළා. අපි දැක්කා යුද්ධයේ අවසානය. ජනාධිපති අපේක්ෂකයෙක් හිරේ දාන එක දැක්ක. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ජයගත්තා. එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වී ජාතික රාජ්‍යයක් ඇති කළා.

මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්න කතාකළා. උතුරේ නැඟෙනහිර ප්‍රශ්න නිසා තරඟකරන්න අවස්ථාව ලැබුණේ නෑ. ජයවික්‍රම පෙරේරා සාර්ථක මහඇමැතිවරයෙක් ලෙස පෙන්නුවා. මේ සංකේත දේශපාලන ක්‍රමවේදයට සම්බන්ධ කරුණු. අපිට ගමන ඉදිරියට යන්න තිබෙන්නේ. සාමයයි ජාතික ප්‍රශ්න විසඳීමයි ආර්ථික ප්‍රශ්නය විසදීම එකට එකතු වී තිබෙන්නේ. සියලු දෙනා එකතු වී ඒ ගමන යන්න ඕන. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එකතුවී වැඩකරන්න පුළුවන්. සියලු දෙනාටම ජීවත් වෙන්න පුළුවන්. මදිපුංචිකම් නොකරන දේශපාලන විසඳුම පාර්ලිමේන්තුව තුළින් ලබාගමු. ආර්ථික සංවර්ධන වේගය වැඩි කර ආර්ථික සංවර්ධනයක් ලබාගෙන සීග්‍රයෙන් ගමන් කරමු. ඒ සඳහා පාර්ලිමේන්තුව කේන්ද්‍රස්ථානය කරගත යුතුයි. පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා. අලුත් කාරකසභා ක්‍රම ගෙනවිත් තිබෙනවා. ව්‍යවස්ථාදායක වැඩකටයුතු සඳහා පහසුකම් හා ආයතන ඇති කළ යුතුයි.

මට උදව් කළ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. දෙමව්පියන්ට,භාර්යාවට පක්ෂයේ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. විනය, ඉවසීම, ඊර්ෂාව නැතිව තමන්ගේ වැඩකටයුතු කරන්න. ජය පරාජය එකසේ පිළිගන්න යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *