යාපනයේ දී මියගිය පොලිස් නිලධාරීයාගේ බිරිඳ යළි පොලිස් සේවයට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු පොලිස් නිලධාරිනියක වූ පසුගියදා යාපනය මහාධිකරණ විනිසුරුවරයාට ආරක්‍ෂාව සපයමින් සිටියදී සිදු වූ වෙඩි තැබීමකින් මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ යළි පොලිස් සේවයේ පිහිටුවිම සඳහා ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය හිමිව ඇත.

පොලිස් නිලධාරියාගේ බිරිඳ වන කේ.ජි.පී කුමුදුණි මහත්මිය හිටපු පොලිස් නිලධාරිනියක වන අතර ඇය මීට වසර 05කට පමණ පෙර සේවයෙන් ඉවත්ව තිබූ බව සඳහන් වේ.

කෙසේවෙතත් පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තමන් යළි සේවයේ පිහිටුවන ලෙසෙ ඇය සිදු කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා ලබාදුන් නිර්දේශයට අනුව ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ලබාදී ඇතැයි ජාතික පොලිස් කොමිසන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *