ඇමති මංගල සමරවීරගේ ලේකම්වරයෙකුට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනා පදනම් විරහිතයි

(කොළඹ, ලංකාපුවත්) –අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් ඒ හරහා ඇතැම් මාධ්‍ය අමාත්‍යවරයාගේ කීර්ති නාමය පළුදු කිරීමට දරන උත්සාහය හෙලාදකින බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු හා මිතුරන් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගියදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලීසිටය භාර දීමේ සිද්ධිය පදනම් කරගනිමින් ඇතැම් අන්තර්ජාල මාධ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මඩ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා මිතුරන් තුන්දෙනෙකු සමග රාත්‍රී සාදයක් සදහා යමින් සිටියදී ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනි. එහි සිටි අයෙකු සතු එම ජීප් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී මත් ද්‍රව්‍ය හසු වීම හේතුවෙන් එහි සිටි සියළු දෙනා අත් අඩංගුවට ගෙන ඇත. රථයේ සිටි අයෙකු එය තමන්ගේ බව පිළිගැනීමෙන් අනතුරුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මත් ද්‍රව්‍ය බෝතල් 16ක්, සිගරට් කාටුන් 03ක්, ප්‍රදර්ශන කඩුවක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්ඩංගුවට ගත් පිරිස ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරීමේදී මත් ද්‍රව්‍ය ලග තබා ගත් පළමු සැකකරු හැර අනෙක් තිදෙනාට ඇප නියම කර ඇත. මත්ද්‍රව්‍ය ලග තබාගත් සකකරු හැර සෙසු පිරිස් ඊට සම්බන්ධ බවට තොරතුරු හෙළිව නැති බවත් එම තිදෙනා අත්අඩංගුවට ගැණුනේ පළමු සැකකරු ගමන් ගත් රථයේ සිටි නිසා බවත් බී වාර්තාවක් ගොණු කරමින් ගල්කිස්ස පොලීසියේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත දන්වා තිබුණි.

පළමු සැකකරුට හැර අනිත් තිදෙනාට එරෙහිව මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල නොවන බවයි පොලීසිය කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම පදනම් කරගනිමින් ඇතැම් වෙබ් අඩවි අමාත්‍යවරයාගේ කීර්ති නාමය පළුදු කිරීමට උත්සාහ දරමින් සිටීම පිළිකුල් සහගතව හෙළා දකින බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =