උතුරු පළාත් සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊයේ(07) දිනයේ දී සිය ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම්දුන් බව පී.සත්‍යලිංගම් මහතා සඳහන් කළේය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙකු උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධූර ලබා නොගැනීමට ද තීරණය කර ඇති බව පී.සත්‍යලිංගම් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =