ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැදපුදාගෙන ආශීර්වාද ලබාගනී

(කොළඹ, ලංකාපුවත්) – ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ඊයේ මහනුවරට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (08) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැදපුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහානායක ස්වාමීන්වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.

ඉන් අනතුරුව අස්ගිරි මහානායක පූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඥානරතන මහානායක ස්වාමීන්වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ ද සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

මේ අතර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහනුවර ප‍්‍රදේශය වෙත පැමිණ සිටි ජනතාව හමුවෙමින් ඔවුන්ගේ තොරතුරු විමසීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 19 =