(කොළඹ, ලංකාපුවත්) –ජෙරුසෙලමේ පිහිටි අල්ජසීරා මාධ්‍ය ජාලයට අයත් කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ.
කටාර් රාජ්‍යයට පනවා ඇති සම්බාධකවලට සහාය දැක්වීමක් ලෙස ඊශ්‍රායලය මෙම තීරණය ගෙන ඇත.
ප්රචණ්ඩත්වය හා හිංසාවන් ප්‍රචාරය කිරීම සදහා මෙම නාලිකාව භාවිත කරන බව ඊශ්‍රායලය දන්වා තිබේ. ඒ හේතුවෙන් මාධ්‍ය ජාලයේ හා එම මාධ්‍යවේදීන්ගේ වැඩතහනම් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මෙම තීරණය ඊශ්‍රායල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසර ලබා ගන්නා බවද ඊශ්‍රායල බලධාරීන් නිවේදනය කර තිබේ.