මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වසර 3කි අවසන්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වසර 03කින් අවසන් කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිළධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මෙම මාර්ගයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු අදියරේ සහ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියරේ ඉදිකිරීම්වල නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා මීරිගම ගණේගොඩ සහ මීරිගම මදුරුපිටිය ප‍්‍රදේශයන් නිරීක්ෂණය කළේය.

ප‍්‍රදේශයේ ජනතාව ඇතුළු දේශපාලන අධිකාරියේ සහායද ව්‍යාපෘතිය සඳහා ලැබී ඇති බැවින් ඉතාමත් කඩිනමින් ඉදිකිරීම් අවසන් කිරීම සඳහා කටයුතු කරන ලෙස මේ අවස්ථාවේදී අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී.දිසානයක, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි, අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − two =