ලොව වේගවත්ම කාන්තාව

(කොළඹ, ලංකාපුවත්) – ලොව වේගවත්ම කාන්තාව ලෙස ටෝරී බෝවී පත්වී තිබේ.

ඒ 2017 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමිනි. අමෙරිකාව නියෝජනය කරමින් තරග වැදුණු ඇය ඉසව්ව නිම කළේ තත්පර 10.85 කිනි.

ඒ අනුව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්ව ජය ගනිමින් ලොව වේගවත්ම කාන්තාව බවට ටෝරී බෝවී පත්විය.

පසුගිය රියෝ ඔලිම්පික් උළලේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව ජයග්‍රහණය කිරීමට ජැමෙයිකාවේ එලේන් තොම්සන් සමත්විය.

ඇය ඉසව්ව නිම කළේ තත්පර 10.71 කිනි. අමෙරිකාවේ ටෝරි බෝවි එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර, ලෝකඩ පදක්කම හිමිවූයේ ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆේ‍ෂර් ප්‍රයිස්ටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × five =