(කොළඹ, ලංකාපුවත්) – විනිවිදභාවයෙන් රජය කටයුතු කරන බවත් විදේශ අමාත්‍යවරයාට එරෙහි විශ්වාශභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කතානායකවරයාට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරුණු මතු කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.
“ඔබතුමාට මේ පිළිබඳව තීරණයක් බදාදා හෝ බ්‍රාස්පතින්දා දින ලබාදිය හැකියි. ඒකාබද්ධයෙන් යෝජනාවක් ලැබී තිබෙනවා. කතානායකතුමාට ලැබුණාට පස්සේ ඒ අනුව පක්ෂවලට තීරණය කරන්න පුළුවන්, ඊට පෙර කෑගහලා තේරුමක් නෑ. මේ රටේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් තිබෙන්නේ. ඔබතුමා තීරණයක් ලබාදෙන්න. විනිවිදභාවයෙන් මේ රජය කටයුතු කරන්නේ.”
මෙහිදී පිළිතුරු ලබාදුන් කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, විශ්වාසභංගය සම්බන්ධයෙන් ලබන බ්‍රස්පතින්දා දින තීරණය ලබාදෙන බවයි.