සම්බාධකවලට එරෙහිව නැගී සිටිනවා – උතුරු කොරියාව

(කොළඹ, ලංකාපුවත්) – තම රටට, නව සම්බාධක පැනවීමට එරෙහිව ක්‍රියාත්මක වන බව උතුරු කොරියාව පවසයි.

සම්බාධක හේතුවෙන් එරට අපනයන ආදායම තුනෙන් එකකින් අඩු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පසුගිය සෙනසුරාදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමේ යෝජනාව ඒකමතිකව සම්මත කළේය.

එය තම රටේ ස්වෛරීභාවය ප්‍රචණ්ඩ ලෙස උල්ලංඝනය කිරීමක් බව උතුරු කොරියාව පවසයි. මේ වන විට දැඩි මතභේදයට තුඩු දී ඇති සිය න්‍යෂ්ටික ආයුධ අත්හදා බැලීමේ වැඩසටහන නොකඩවා ක්‍රියාත්මක කරන බව එරට තරයේ දැනුම් දී තිබේ.

තම රටට එරෙහිව කොරියාව කියා සිටියේ ඊට වන්දි ගෙවීමට අමෙරිකාවට සිදුවනු ඇති බවයෙ. මේ අතර සාකච්ජාවලට එක්වන ලෙස ඉදිරිපත් කර ඇති යෝජනාව වංක යෝජනාවක් ලෙස සලකා උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව දකුණු කොරියාව ප්‍රකාශ කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 6 =