ඒකාබද්ධ මන්ත්‍රීවරුන් උතුරු මැද පළාත් සභාවේ න්‍යාය පත්‍රයට ගිනි තබයි

(කොළඹ, ලංකාපුවත්) – අද(08) උදෑසන පැවති උතුරු මැද පළාත් සභා වාරය උණුසුම් විය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරීම ඊට හේතුව වේ. එම මන්ත්‍රීවරුන් සභාවට පැමිණීයේ කළු පටි පැළදගෙන ය.

හිටපු පළාත් සභා අමාත්‍ය කේ එච් නන්දසේන මහතා සභාව අමතමින් කියා සිටියේ උතුරු මැද පළාත් සභාවේ සභාපති ඩී එම් අමරතුංග මහතාගේ පත්වීම නීති විරෝධී බවය. ඒ සමගම සභාව නොසන්සුන් විය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස කලහකාරී ලෙස හැසිරෙමින් පළාත් සභාවේ න්‍යාය පත්‍රයට ගිනි තැබීය. ඉන් ටික වේලාවකට පසු ඔවුන් සභාවෙන් පිටව ගියේය.

ඊට පසු සභාව සුපුරුදු ලෙස පවත්වාගෙන යාමට කටයුතු කෙරුණු අතර ලබන 22වනදා දක්වා සභාව කල් තැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *