කතරගම දී සිදුවූ අනතුරකින් තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – කතරගම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කතරගම ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව කතරගම පොලිසිය පැවසීය.

කතරගම ඇසළ පෙරහැර නැරඹීමට බැතිමතුන් පිරිසක් රැගෙන පැමිණි බස් රථයක් පසුපසට ධාවනය කිරීමේදී අසළ ක්‍රීඩාංගණයක බිම නිදා සිටි පුද්ගලයින් තිදෙනෙකු ඊට යටවී තිබේ.

බරපතල තුවාල ලැබූ ඔවුන් කතරගම රෝහලට ඇතුලත් කෙරුණු අතර එහිදී තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තරුණයාගේ වයස අවුරුදු 18ක් වන අතර අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු 41කි. ඔවුන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවපොලිසිය ප්‍රකාශ කළේය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *