තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් අද

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව පත් කළ ජනාධිපති කොමිසමේ අනාවරණය කර ගත් කරුණු අනුව අද (08) පක්ෂ නායක රැස්වීමේදී සුවිශේෂී තීරණයක් කරළියට එනු ඇති බවට වන අවධානයක් සමාජය තුළ ඇතිව තිබේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් ගොනු කරන ලද විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ යනාදී පක්ෂ සහය වන බවට මේ වන විට ප්‍රකාශ කර ඇති අතර ඒ හේතුවෙන් මෙම කාරණය මගහැර යා නොහැකි තත්ත්වයකට පත් වී ඇත.

කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිත රැස්වීමේදී විදේශ ඇමති රවීට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම පිළිබඳව බොහෝ කාරණා කතාබහට ලක් වනු ඇති බව විශ්වාස කෙරේ.

විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක සම්බන්ධ බවට මේ වන විට කතාබහට ලක් වී ඇති මෙම බැඳුම්කර වංචාව හේතුවෙන් විශ්වාසභංග යෝජනාවක් මේ වන විට කථානායකවරයා වෙත ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *