රංගන හේරත්ට තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – රංගන හේරත්ට සංචාරක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබේ.

ඒ ශාරීරික ආබාධයක් හේතුවෙනි. ඒ අනුව රංගනට විවේකයක් ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා සංචිතයට දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු එක්වනු ඇතැයි වාර්තා වේ.

දෙරට අතර තුන්වන ටෙස්ට් තරගය ලබන 12වනදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *