වෙනිසියුලා රජයේ වෙබ් අඩවිවලට හැකර් ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – වෙනිසියුලා රජයේ වෙබ් අඩවි කිහිපයකට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඒ ජනාධිපති නිකොලොස් මධුරෝගේ පාලනයට එරෙහිව බවට ද සදහන් වේ. වෙනිසියුලාවේ මේ වන විට දැඩි අර්බුදයකාරී වාතවරණයක් උද්ගත වී ඇත.

එරට නිරන්තරයෙන් රජ්‍ය විරෝධී උද්ඝෝෂණ ද ක්‍රියාත්මකය. එහි දී හටගත් ගැටුම්වලින් 100කට අධික පිරිසක් මියගොස් තිබේ.

මධුරෝ, නීතියට පටහැනි ලෙස බලයේ රැඳී සිටින බවට විපක්ෂය චෝදනා කරනු ලැබේ.

රජයේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කළ “ද බයිනර් ගාර්ඩියන්ස්” නමැති කණ්ඩායම, මධුරෝගේ පාලනයට එරෙහිව එම වෙබ් අඩවිවල විවිධ පණිවුඩ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *