අන්තරේ ළහිරුට දැඩි අවවාද මත ඇප

(කොළඹ, ලංකාපුවත්) – අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකරට කොළඹ මහාධිකරණය අද(09) ඇප ලබා දුන්නේය.

ඒ අනූව, රුපියල් 10,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ අතර ඔහුට කොළඹ මහාධිකරණය මගින් දැඩිව අවවාද කළේය. ඔහු විසින් ඇප කොන්දේසි කඩ කිරීමක් සිදුකළතොත්, ඇප අවලංගු කර වහාම රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද අධිකරණය දැනුම් දෙන ලදි.

සෑම මසකම අවසන් ඉරිදා දින මරදාන පොලීසියට වාර්තා කරන ලෙස ද අධිකරණය ඔහුට නියෝග කළේය. අද නඩුව විභාගයට ගැනුණේ කොළඹ මහාධිකරණ විනිසුරු මනීලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ ය.

ළහිරු වීරසේකර හා ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුළු තවත් තිදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ, සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී අලාභ හානි සිදුකරමින් රජයට රුපියල් අට ලක්ෂ හැත්තෑදහසක් පාඩු සිදුකිරීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − six =