නාමල් – සුජීව විවාදයට ජාතික රූපවාහිනිය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධව මුහුණට මුහුණලා සංවාදයකට පැමිණෙන මෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රජපක්ෂ මහතාට කර ඇති අභියෝගයට අනුව එම සංවාදය සජීව ලෙස විකාශය කිරීමට ජාතික රූපවාහිනිය සූදානම්ව සිටියි.
හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තැබීමට සම්බන්ධව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ වේදිකාවල කෑ මොරදීම ”පාළු ගෙයි වළං බිදීමක්” යැයි පවසන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ගිවිසුමේ සත්‍ය අසත්‍යතාවය රටට හෙළි කිරීමට සජීවී රූපවාහිනී වැඩ සටහනකට පැමිණෙන ලෙස නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාට අභියෝග කර තිබුණ.

මේ සංවාදය සදහා තමන් සමග පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමන් මන්ත‍්‍රීවරයා ද සහභාගී වන බවත්, නාමල් මන්තී‍්‍රවරයාට ඕනෑම නියෝජිතයෙකු කැදවාගෙන එන ලෙසට ද දැනුම්දී ඇත.

මෙම සංවාදය රටේ ජනතාවට නැරඹීමට ජාතික රූපවාහිනියේ 14වන සදුදා දින රාතී‍්‍ර 10.15 ට විකාශය වන ”ඇත්ත නැත්ත” සජීවී දේශපාලන සංවාද වැඩ සටහන දැනටමත් වෙන්කර ඇති බව ජාතික රූපවාහිනිය පවසයි.

ඇත්ත කියන්නේ කවුද? ජනතාව රවටන්නේ කවුද? හම්බන්තොට වරාය පිළිබදව නාමල් රාජපක්ෂ මහතාගේ පියාගේ කාලයේ චීනය සමග අත්සන් කළ ගිවිසුම් පිළිබදවද මෙම සංවාදයේදී සාකච්ඡා කළ හැකි බව සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් දන්වා සිටී.

එබැවින් මේ අභියෝගය බාරගෙන වටිනා අවස්ථාව මග නොහැර පැමිණෙන ලෙස ඔහු නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව ජාතික රූපවාහිනියටද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *