පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස නජාම් සෙයිති පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් නජාම් සෙයිති මහතා පත්ව තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නජාම් සෙයිති මහතා යෝජනා කර ඇත.

මේ අනුව ඔහු ඉදිරි වසර තුන තුළ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබේ. සෙයිති මහතා මේ වන විට හැටනව වන වියෙහි පසුවේ.

ඔහු පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහා තවත් දස දෙනෙකු පරිපාලන කටයුතු සඳහා පත්කර තිබේ. එරට ක්‍රිකට් නව දිශාවකට යොමු කිරීම සිය බලාපොරොත්තුව බව සභාපතිවරයා ලෙස යළිත් පත්වීමෙන් අනතුරුව සෙයිති මහතා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 1 =