හමුදාවේ හයක් ‘යට කළ’ ප්‍රංශයේ නොසිතු ප්‍රහාරය

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ පැරිස් නගරයේ දී මෝටර් රථයක් හමුදා සාමාජිකයන් යට කරගෙන යෑමෙන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.

ලෙවාලොයිස් පරේට් නගරයේ මුර සංචාරයේ නිරත හමුදා සෙබළුන් පිරිසක් මෙලෙස මෝටර් රථයට හසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ප්‍රංශ පොලීසිය සදහන් කළේය.

රථයේ රියදුරු මේ වනවිට සිද්ධිය වූ ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොලීසිය මෙහෙයුම් අරඹා ඇත. ප්‍රහාරකයන් විසින් යොදා ගන්නා ලදැයි පැවසෙන BMW වර්ගයේ රථය සොයා ගැනීමේ මෙහෙයුමක් මේවනවිට සිදු කරමින් පවතී.

එය “සිතා මතා එල්ල කරන ලද ප්‍රහාරයක් බවට කිසිදු සැකයක් නැතැයි” ප්‍රහාරය සිදු කෙරුණ ‘Levallois Perret’ ප්‍රදේශයේ නගරාධිපතිවරයා කියා සිටියි. නගරාධිපතිවරයා එම මෝටර් රථ ප්‍රහාරය විග්‍රහ කළේ “පිළිකුල් සහගත ක්‍රියාවක්” හැටියටය.

පසුගිය කාලය පුරා එල්ල වූ ඉස්ලාමීය ජිහාඩ් ප්‍රහාර මාලාවෙන් පසුව මෙම මුර සංචාර නිතිපතා සිදු වේ.

2015 වසරේ නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය තවමත් ප්‍රංශය තුළ බල පැවැත්වේ.

එහෙත් 2015 වසරේ පටන් මේ දක්වා එම භූමියේ එල්ල කෙරුණ ප්‍රහාර වලින් 230 කට අධික ජීවිත විනාශයක් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × three =