‘ආවා’ කල්ලියේ තවත් සැකකරුවෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ආවා නැමැති කල්ලයිට අයත් තවත් සැකකරුවෙන් යාපනය, තෙලිප්පලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ(08) මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කළේය.

සැකකරු චන්ද්‍රනාත් සහින්දරන් නැමැති තෙලිප්පලේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

එම සැකකරුව යාපනය පොලිස් ස්ථානයේ රදවගෙන සිටින බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *