දකුණු අප්‍රිකානු ජනපතිට එරෙහි විශ්වාසභංගය පරාදයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ පරාජයට පත්ව තිබේ. ඔහු ජයග්‍රහණය කළේ, වැඩි ඡන්ද 21ක් ද ලබා ගනිමිනි.

ජේකොබ් සූමාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 177කි. විපක්ෂව ලැබුණු ඡන්ද 198 හමුවේ එය ප්‍රතික්ෂේප කෙරුණි. සූමා හට ජනාධිපතිධුරය දැරීමට මේ ප්‍රතිඵලය බාධාවක් වන්නේ නැතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එහෙත් ප්‍රකාශ වූ ඡන්ද අනූව පාලක අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය අර්බුදයකට ලක් වීමට හේතුවනු ඇතැයි වාර්තා ‍වේ. විශේෂයෙන්ම, ජනාධිපතිවරයාගේ නායකත්වය ක්‍රමයෙන් දුර්වල වන බවක් දක්නට ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

දූෂණ චෝදනා සහ ආර්ථිකය දුර්වල වීම මුල් කර ගනිමින් විපක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ එක්ව ජනාධිපති සූමාට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කළේය. සූමාට එරෙහිව මීට ඉහත දී මෙවැනි යෝජනා 6ක් ඉදිපරිපත් වුවද, ඊට අදාළ රහසිගත ඡන්දයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *