නියං සමය නිමා කරමින් පළාත් රැසකට වැසි

(කොළඹ, ලංකාපුවත්) – පැවති නියං සමය නිමා කරමින් ප්‍රදේශ රැසකට ඊයේ(08) වැසි ලැබී තිබේ.

මහවැලි සී කලාපයට බලපෑ දැඩි සුළඟ හේතුවෙන් දේපළ රැසකට ද හානි සිදුව ඇත. ගිරාඳුරුකෝට්ටේ, රොටලවෙල ප්‍රදේශයට ඇතිවූ සුළඟින් නිවාස කිහිපයකට හානි සිදුව තිබේ.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය, නව මැදගම හා කූඩාගම ගම්මානවලට ද බලපෑම් එල්ල වී ඇත. මාර්ගයට ගස් කඩාවැටීමෙන් ගමනාගමනය ද පැයක් පමණ අඩාල වූ බව වාර්තා වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබුවේ නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම්සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින්බරව පවති. රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින්විට වැසි ඇතිවන අතර මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිවු, බදුල්ල, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල(මි.මි.75පමණ) තරමක තද වැසිද බලාපොරොත්තු විය හැකිය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින්විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක්තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *