රතුපස්වල ඝාතනයේ සාක්ෂි විනාශවීම ගැන CID ය අධිකරණයට දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ජනතාව සිදුකළ ජල උද්ඝෝෂණයට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ ක්‍රමවත්ව සිදු නොවීම හේතුවෙන් අපරාධ සාක්ෂි විනාශ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(09) අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නඩුව අද ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම එවකට ගම්පහ පොලිස් අධිකාරිවරයාට භාරදී තිබී ඇතිමුත් ඔහු එය පොලිස් පරීක්ෂකවරයකුට පැවරීමෙන් පරීක්ෂණ නිසි ආකාරයෙන් සිදුව නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.

මේ හේතුවෙන් අපරාධය සිදු වූ ස්ථානයේ සාක්ෂි විනාශ වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින යුද හමුදා බ්‍රිගේඩියර්වරයා ඇතුළු හමුදා සාමාජිකයින් සිව් දෙනා ලබන 23වනදා දක්වා ද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *