වැලිමඩට ඉහළ පෙයාර්ස් අස්වැන්නක්

(කොළඹ, ලංකාපුවත්) – වැලිමඩ ප්‍රදේශයෙන් ඉහළ පෙයාර්ස් අස්වැන්නක් ලැබී තිබේ.

මේ දිනවල අස්වනු නෙළීම ආරම්භ කර ඇති බව ගොවීන් සදහන් කරයි. බොරලන්ද, ඔහිය, මොරගස් පාදිනාවෙල ඇතුළු ප්‍රදේශවල විශාල වශයෙන් පෙයාර්ස් වගා කර ඇත.

බොහෝ ගස්වල මෙවර ගෙඩි 500කට වඩා හටගෙන තිබෙන බව ගොවීන් කියා සිටි‍‍යේය. අලෙවිය පිළිබඳ ගැටලුවක් නොමැති බව ද, ඔවුන් සදහන් කළේය.

දෙස් – විදෙස් සංචාරකයන්ගෙන් පෙයාර්ස් සඳහා ඉහළ ඉල්ලුමක් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *