2020 වන විට අපනයන ආදායම දෙගුණයක් කිරීම රජයේ අරමුණයි – ඇමති දයා ගමගේ

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වන විට රටේ අපනයන ආදායම දෙගුණයක් කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති ‘ධනසවිය’ වැඩසටහන පිළිබඳ මැතිඇමතිවරුන් හා නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වසර 2020දී අළුත් රටක් නිර්මානය කිරීම රජයේ අපේක්ෂාව වේ.

එමෙන්ම අපනයන ආදායම අමෙරිකා ඩොලර් බිලියන 05 දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *