අගෝස්තු මස මැද අමෙරිකාවට නුදුරින් පිහිටි ගුවාම් දිවයිනට මිසයිල එල්ල කිරීමේ සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) – අගෝස්තු මස මැද භාගයේ දී අමෙරිකාවට නුදුරින් පිහිටි ‘ගුවාම්’ දිවයිනට මිසයිල එල්ල කිරීමේ සූදානමක් පවතින බව උතුරු කොරියාව ප්‍රකාශ කර ඇත.

එම මිසයිල රැගත් හ්වාසොන් දොළහ රොකට් යානා ගුවාම් දිවයිනට කිලෝ මීටර් 30ක් එපිටින් පිහිටි මුහුදට පතිත විය හැකි බව එරට රාජ්‍ය මාධ්‍ය සදහන් කර තිබේ.

ඔවුන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇගවීම් ද නොතකමින් මෙය සැලසුම්කර ඇත. උතුරු කොරියාවේ ක්‍රියාකාරකම් එහි අවසානය සනිටුහන් කළ හැකි බවට අමෙරිකාව මින් පෙර අනතුරු ඇගවීමක් සිදුකර තිබුණි.

ඔවුන් සිදුකරන ක්‍රියා අතිශයෝක්තියට නංවන බව අමෙරිකා ආරක්ෂක ලේකම් ජිම් මැටිස් ප්‍රකාශ කළේය. මේ අතර උතුරු කොරියාවට ඇමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් නොමැති බව අමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ප්‍රකාශකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − eleven =