ජැක්සන්ගේ සුරූපි දියණිය බුදු දහම වැලද ගනී

(කොළඹ, ලංකාපුවත්) – නැසීගිය ජනප්‍රිය පොප් ගායකයෙකු වන මයිකල් ජැක්සන්ගේ සුරූපි දියණිය වන පැරිස් ජැක්සන් බුදු දහම වැළදගෙන ඇති බවට විදෙස් මාධ්‍ය කිහිපයක් තොරතුරු වාර්තා කර ඇත.

පසුගිය කාලයේ ඇය මහත් ආන්දෝලනයට ලක් වූයේ උඩු කය නිරුවත්ව, බුදු පිළිමයක් අසළ සිටින ඡායාරූපයක් අන්තර්ජාලය තුල පැතීරීමත් සමගය.

පසුව ඇය පවසා තිබුනේ බුදු දහමේ එන කරුණු සමග තමා එකග වන බවත් ඒ අනුව ජීවත් වීමට උත්සහ කරන බවත්ය.

ඇය වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ භාවනා කිරීම මගින් තමා තුල ඇති ආධ්‍යාත්මික ශක්තිය මතු කර ගැනීමට අය බලාපොරොත්තු වන බවය.

මේවන විට පැරිස්ගේ වයස අවුරුදු 19කි. 2009 ජූනි 25 වැනිදා සුපිරි පොප් රජු මයිකල් ජැක්සන් මිය යන විට පැරිස්ගේ වයස අවුරුදු 11 කි.

ඉන්ස්ට්ග්‍රෑම් හෙවත් අන්තර්ාජාලයේ ඡායාරූප බෙදාහදා ගන්නා හෙවත් ෂෙයාර් කරනා ජනප්‍රියම වෙබ් අඩවියේ ඈව “ලුහුබඳින්නන්’ හෙවත් ෆලෝවර්ස්ලා ලක්ෂ 14 ක් හිඳිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *