අත්තිඩියේ දී පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – අත්තිඩිය ප්‍රදේශයේ දී පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු මියගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට ඇතුලු වී එය කොල්ලකෑමට සූදානම් වූ අවස්ථාවේ එහි ආරක්ෂාවට සිටි නිලධාරියා ඊට එරෙහි වී ඇත.

එහිදී කොල්ලකරුවන් සිදුකළ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියා සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. එහිදී මෙම ආරක්ෂක නිලධාරියා මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

එම බැංකුවට මුදල් තැන්පත් කිරීමට පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ මුදල්වලින් කොටසක් ද කොල්ල කා ඇති බව පොලිසිය සදහන් කරයි.

මේවන විට ගල්කිස්ස පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *