කෝලිට විස්සයි විස්ස අහිමිවෙයිද ?

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය ඉන්දීය නායක විරාත් කෝලිට අහිමිවීමේ ඉඩක් ඇති බව වාර්තා වේ.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ගෙවී ගිය වසරක කාලය තුළ නොකඩවා තරග සඳහා සහභාගි වීම හේතුවෙන් ඔහුට කෙටි විවේකයක් ලබාදීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව The Indian Express පුවත්පත වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර තරග 5ට සහ විස්සයි -20 තරගයට අදාළ තේරීම් කටයුතු සඳහා ඉන්දීය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉදිරි දින දෙක තුළදී රැස්වීමට නියමිත ය.

එම තරගාවලියේදී විරාත් කෝලිට විවේකයක් ලබාදීමට තේරීම් කමිටුව තීරණයක් ගැනීමට ඉඩ ඇතැයි පුවත්පත වාර්තා කර තිබේ.

එසේ වත්මන් ඉන්දීය නායකයාට කෙටි විවේකයක් ලබා දීමට තීරණය කළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී හා විස්සයි-20 තරගයේදී ඉන්දීය පිලේ වැඩබලන නායකයා ලෙස රෝහිත් ෂර්මා පත්කරනු ඇතැයි ද සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *