යහපාලනය අලුත් සංස්කෘතියක් ඇති කළා, ඒ ගැන ආඩම්බරයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – යහපාලනය අලුත් සංස්කෘතියක් ඇති කළ බවත් සභාව අලුත් සම්ප්‍රදයක් ඇති කළ බවත් ඒ ගැන අප ආඩම්බර වන බවත් අමාත්‍ය රවීකරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව අඳහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

තවදුරටත් අඳහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා,

“මට මුණ ගැසිලා මට කිව්ව තනතුරෙන් ඉවත්වන බව. මම හිතන්නේ අපි අලුත් සම්ප්‍රධායක් ඇති කළා. වැරදි කළ අය අයින් වෙන්න ඕන. අද පරීක්ෂණයට ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නෑ කියලා උදාහරණයක් ලබාදී තිබෙනවා. අපිට විශ්වාසභංගය ක්‍රියා නොකලට ,එදා හොරු ක්‍රියා කළේ කොහොමද? කොහෙද එදා ඇමතිවරු කොමිෂකට ගියා කියලා ඉවත් වුණේ.අලුත් සංස්කෘතියක් ඇති කළා. අපි හොරු තියාගන්නේ නෑ.මම කාටවත් චෝදනා කළේ නෑ. එල්නැලිගොඩ උස්සගෙන ගියා. රවී කරුණානායක මන්ත්‍රීතුමා තහනම් නියෝග ගත්තේ නෑ. යහපාලනයේ වෙනස මෙයයි. කතාකළ මාධ්‍යයත්, මාධ්‍යයට නිදහස තිබෙනවා. එදා අපිට කිව්ව දෝහීන් කියලා. එදා මාධ්‍යයෙන් ඉඩ දුන්නේ නෑ. දැන් හැමෝටම හොරා කියනවා. අද තියෙන්නේ නිදහස් සමාජයක්. මෙය අලුත් යුගයක්.යහපාලනය ඇති කර පෙන්වා දී තිබෙනවා.මේ සභාව අලුත් සම්ප්‍රදයක් ඇති කළා ඒ ගැන අප ආඩම්බර වෙනවා” යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *