ඌව සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුභසාධන අමාත්‍යවරයා ලෙස අනුර විදානගමගේ මහතා පත්කර තිබේ.

ඒ මහතා ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

මෙ අතර මහියංගනය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිවරයා ලෙස ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තේනුක විදානගමගේ මහතා පත් කර තිබේ.

ඒ මහතා ද ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + six =