(කොළඹ, ලංකාපුවත්) – නව දේශීය ආදායම් බදු පනත මේ මස අගදී හෝ ලබන මස මුල් කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේය.
අමාත්‍යවරයා කියා සිටියේ වසර 100ක් පමණ පැරණි රේගූ පනත ද සංශෝධනය කරන බවයෙ.
යාපනය ප්‍රදේශයේ නව රේගු නිවාරණ කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ මෙරට තුළ ප්රජාතන්ත්රවාදය ඉහළින්ම ක්‍රියාත්මක වන බවය.