ලොව උණුසුම්ම වසර 2016 යි

(කොළඹ, ලංකාපුවත්) – 2016 වසර ලොව මෙතෙක් ඉහළතම උෂ්ණත්වය වාර්තා වූ වසර ලෙස අමෙරිකානු රජයේ ආයතනයක් සඳහන් කර ඇත.

මේ අනූව පිට පිට වසර 3ක් දිගින් දිගටම, පෙර වසරේ ලොව වැඩිම උෂ්ණත්ව වාර්තාවන් බිඳ හෙළා ගෝලීය උෂ්ණත්වය දිගින් දිගටම ඉහළ යන බව සනාථ වී තිබේ.

වාර්තාවක් නිකුත් කරමින් අමෙරිකානු සමුද්‍රීය හා වායුගෝලීය පාලක මණ්ඩලය පවසන්නේ, දීර්ඝ කාලීන ගෝලීය උණුසුම් වැඩිවීම සහ එල් – නීනො කාලගුණික තත්වය මීට හේතුවී ඇති බවය. ගොඩබිම මතුපිට උෂ්ණත්වය, මුහුදේ උෂ්ණත්වය, මුහුදේ ජල මට්ටම සහ හරිතාගාර වායු මට්ටමද, පසුගිය වසරේ දී ඉතිහාසයේ වැඩිම අගයන් වාර්තා කර ඇත.

ගෝලීය උණුසුම පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත්වීමේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය මෙම වාර්තාවත් සමග දැඩි මතභේදයකට තුඩු දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *