බදු සංශෝධනය ගැන ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව IMF පෙන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බදු සංශෝධනය පිළිබඳව වඩා විධිමත් ආකාරයෙන් ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

බදු හා අනෙකුත් ප්‍රතිසංස්කරණ හරහා අනාගතයේ සැලසෙන වාසි පිළිබඳව දැනුවත් කිරීම තමන් පිළිගන්නා බව එම අරමුදල සදහන් කර ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරනු ලැබේ.

සමාජයේ ඇතැම් කොටස්වලින් ඊට දැඩි විරෝධයක් එල්ල වුවද, මෙම සංශෝධන හරහා ආදායම් ශක්තිමත් වීමේ ක්‍රියාවලිය බලධාරීන් කැපවී පෙන්නුම් කරන බව එම අරමුදල පවසනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *