රාජපක‍්ෂ කණ්ඩායම අමන්දානන්දයට පත්වෙලා – ජවිපෙ නායක

(කොළඹ, ලංකාපුවත්) –  රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව රාජපක‍්ෂ කණ්ඩායම අමන්දානන්දයට පත්වී ප්‍රීති ඝෝෂා නඟන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කෙසේ නමුත් එම පිරිසත් වංචාව-දූෂණයේදී කටයුතු කළේ මේ ලෙසින් ම බව අද(11) පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා කියා සිටියේය.

අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් මෙසේ සදහන් කළේය.

“අයථා විදිහට මුදල් එක්රැස් කරපු රෝහිත අබේගුණවර්ධනට අල්ලස් කොමිසමේන් කැඳවීමක් එනකොට නයෙක් කෑවා කියලා රෝහල්ගත වෙනවා. ඒ වෙලාවේ රාජපක‍්ෂ මොකද කළේ? අල්ලස් කොමිසමේ අධ්‍යක‍්ෂ ජනරාල් ඉන් ඉවත් කොට කුරුණෑගලට මාරුකර යැව්වා. කොළොන්නාවේ සභාපතිවරයා පැහැර ගැනීමට සුදු වෑන් එකක් එව්වා. ඒ පිළිබඳව විමර්ශනය කරපු කොළොන්නාවේ ඕ.අයි.සී. මාරු කළා. රාජපක‍්ෂ සොරමුළේ ඉතිහාසයත් ඒකයි. රාජපක‍්ෂ කළු දශකයේදී වංචාව-දූෂණය පිළිබඳව පරීක‍්ෂණ කරපු නිලධාරීන් ස්ථාන මාරු කළා. අඩන්තේට්ටම් කළා. තර්ජනය කොට බිය වැද්දුවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *