ඇන්ටාර්ක්ටිකාවේ අයිස් තටුවලට යටින් ගිනි කදු 91ක්

(කොළඹ, ලංකාපුවත්) – ඇන්ටාර්ටිකාවේ අයිස් තට්ටුවලට යටින් නව ගිනිකදු 91ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ.

අදාළ පර්යේෂණය සිදුකර ඇත්තේ එඩ්ම්බරෝ විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පිරිසකි. ඇන්ටාර්ක්ටිකාවට බටහිරින් පිහිටි අයිස් තලාවට යටින් විශාල ගිනිකඳු ප්‍රදේශයක් පිහිටා ඇති බවයි විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇත.

එහි උසම ගිනි කන්ද ස්විට්සර්ලන්තයේ මීටර 4000ක් උසැති එයිගර් ගිනි කන්දට සමාන බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. නව ගිනිකදු සොයාගෙන ඇත්තේ දැනට එහි පවතින ගිනිකඳු 47ට අමතරවය.

ගිනිකඳු මගින් ප්‍රදේශයේ අයිස් තට්ටුව දියවීයාම දේශගුණික විපර්යාසවලින් සිදුවන විනාශවලට වඩා වැඩි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙමගින් විනාශකාරී තත්වයක් උදාවිය හැකි බවට ඔවුන් අනතුරු අගවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =